අති පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේගේ පණිවුඩය /Message from Most Ven U. Dhammajiva Tero

beyond-mindfulness-awareness-detachment

via  http://www.themindfulword.org/

සති පාසල නම් වූ පාසල් මට්ටමේ මෙම වැදගත් වැඩ සටහන ගැන ලියවුණ පොතට පෙරවදනක් සැපයීමට, ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූවකු වශයෙන් අවස්ථාවක් ලැබීමම ඉමහත් සතුටට කරුණ කි.

පසුගිය තිස් පස්(35) වසරක කාලය තුළ ජීවිත පර්යේෂණයක් ලෙස මම සතිය පුහුණු කළෙමි. සතිය පිළිබඳව මගේ විශ්වාසය අසීමිතය. සති පුහුණුව පෙරදැරි කරගනිමින් මවිසින් කරන ලද සියලුම කාර්ය හා භාරගත් සියලුම වගකීම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව නිම කිරීමට මා හට හැකි විය. එමෙන්ම විවිධ දුෂ්කර අභියෝග හමුවේ සියලු කාර්ය විජයග්‍රාහීව සිදු කළ හැකි වූයේ, අප්‍රමාදීව සතිමත් බව ක්‍රියාවේ යෙදවීම නිසා බව කෘතවේදීව සිහි කරමි.

සතිමත් බවේ ගමන මා ආරම්භ කළේ වයස අවුරුදු විසිහයේදීය. දශක ගණනාවක් පුරා ලද අත්දැකීම් අනුව මා හට ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැක්කේ, මේ පුහුණුව ලබන ළමුන් ළාබාල බවින් වැඩි වන තරමට, පුහුණුවේ ප්‍රතිලාභද ඒ තරමට අධික වන බවයි. එනිසාම මෙම පුහුණුව පාසල් ළමුන් අතර ප්‍රචලිත කිරීම හද පිරි සතුටට කරුණකි. එහෙත් අදින් අරඹන මෙම වැඩ සටහන බොහෝ කල්පනාකාරීව හා පරිස්සමින් කළ යුතු බව ඉතා සංවේදීව සිහිපත් කරමි.

පසුගිය මාස කීපය තුළ අප විසින් මෙම සති පාසලවැඩ සටහන මීතිරිගල පාසල් හා අවට දහම් පාසල් කීපයක ළමුන් සම්බන්ධ කරගනිමින් සීමිතව අත්හදා බලන ලදි. එසේ සහභාගී වීමට උනන්දුව දැක්වූ ළමෝ ඒ සඳහා දිරිමත් කරමින් කෙටි කාලීනව පුහුණු කරන ලදහ. එසේ පුහුණු කිරීමෙන් ලද ප්‍රතිචාරවලින් මම අතිශයින්ම ධෛර්යයට පත් වීමි. ඒ ප්‍රතිචාර, මෙය දීප ව්‍යාප්ත කිරීමට තරම් දිරියක් දුන් සාධකයක් විය.

මෙම වැඩසටහන පිළිබඳව කරුණු කීපයක් අවධාරණය කරනු කැමැත්තෙමි.

  1. මෙම සති පාසල වැඩ සටහන ස්වේච්ඡාවෙන් සහභාගි වීමට කැමැත්ත පළ කරන පාසල් සඳහා අරමුණු කරගත්තකි. කැමැත්ත ප්‍රකාශ කරන ඕනෑම පාසලක් බඳවාගනු ලැබේ.

  2. සතිමත් බව පුහුණුව ආගම් භේදයකින් තොරව සිදු කෙරේ. මෙය කිසිම ආගමකට සම්බන්ධ නොවූ වැඩ සටහනක් ලෙස හඳුන්වා දෙමු.

  3. මෙයින් බලාපොරොත්තු වන්නේ, පන්ති කාමරය තුළදී, ගුරුවරු හා පාසලේ අනෙක් බලධාරීන් සමග මෙන්ම පවුලේ සාමාජිකයින්, අසල්වාසීන් සහ මිතුරන් සමගද සාමුහිකව ක්‍රියා කිරීමේදී ළමුන්ට උපකාරී වන අන්දමේ ඉතා යහපත් හිතකර ජීවන කුසලතාවක් වර්ධනය කර ගැනීමට උපකාර කිරීමය. කාලයාගේ ඇවෑමෙන් මෙම වැඩ සටහන් ජාලයට සම්බන්ධ ළමුන්ට ආරක්ෂක වැටක් මෙන් රැකවරණය සැලසීම, ඊට සම්බන්ධ වන අපගේ වගකීමක් කොට සලකමු.

  4. ළමුන් අරමුණු කොට ආරම්භ කරන මෙමගින් පාසලේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, සම්බන්ධ වන උපදේශකයන්, පවුලේ අය, අසල්වාසීන් මෙන්ම මිතුරන්ද ප්‍රතිලාභ ලබනු ඇත.

  5. මෙම වැඩ සටහන මෙහෙයවනු ලබන්නේ, සතිමත් බව පිළිබඳව ගැඹුරු අවංක දැඩි කැපවීමක් ඇති, එමෙන්ම ශිෂ්‍යයන්ගේ යහපත මුළු හදින්ම ප්‍රර්ථනා කරන, ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන සත්පුරුෂ මණ්ඩලයක් විසිනි.

  6. මේ සියලුදෙනාම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ ස්වේච්ඡාවෙනි. එබැවින් මූල්‍යමය පාරිතෝෂික අපේක්ෂා නොකරති.

  7. යථා කාලයේදී ගුරුවරුන්ම සතිය පුහුණු කිරීමේ උපදේශකයින් හා නියමුවන් ලෙස සේවය කරමින් පාසල් තුළම මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය සති පාසලනමැති පාසල් මට්ටමේ වැඩ සටහන නොනවත්වා ජාතික මට්ටම තෙක් ගෙන යාමට රුකුලක් වනු ඇත.

මෙම කුඩා පොතෙහි අඩංගු උපදෙස් මාලාවෙන් ඔබ සැමට මෙම වැඩ සටහන ගැන ඉතා පැහැදිලි අවබෝධයක් ලැබේවායි යන්න මාගේ හෘදයාංගම ප්‍රර්ථනාවයි.

සති පාසලඔබ සැමගේ හා පෙනෙන නොපෙනෙන බලවේගවල උපකාරයෙන් දිනෙන් දින වැජඹේවා!යි පතමු.


Screen Shot 2016-04-17 at 12.38.11 AMScreen Shot 2016-04-17 at 12.42.37 AMScreen Shot 2016-04-17 at 12.40.57 AMScreen Shot 2016-04-17 at 12.38.48 AM


I have been practicing mindfulness in an unlimited manner during the past thirty five years. Every task I undertook and all the responsibilities I shouldered whilst practicing mindfulness, ended up with enormous success. Moreover, the variety of tasks I accomplished in the midst of a multitude of challenges, were executed with minimal complications. And I attribute this accomplishment to my unrelenting practice of
mindfulness.

My journey in mindful practice began at the age of twenty six. Having considered all my experiences during these several decades, I can confidently recommend that the earlier this practice is imbibed, the better it will be. Hence my great delight to be able to share this practice with school children.However, I am extremely sensitive to the fact that we have to tread very cautiously and carefully in this new initiative we are launching today.

During the past few months we have been testing this ‘Sati Pasela’ program in a limited way with students from schools in Mitirigala as well as from nearby Sunday schools. We have encouraged children who have expressed interest in joining this program, to practice mindfulness with us in short spells.

I am indeed encouraged by the response I encountered.

I wish to highlight a few points in relation to the program we are launching today.

  1. This is intended for schools that will volunteer to be included into the ‘Sati Pasela’ program. Any school that willingly expresses interest will be enlisted.
  2. The teaching of mindfulness practice will be devoid of any religion. This will be a secular or non-religious practice.
  3. We wish to introduce mindfulness as a wholesome skill, that will benefit students in the class room, when interacting with teachers and other authorities, and with their families, neighbours and friends. With time, we expect this program to provide a protective fence and guard the children who belong to ‘Sati Pasela’.
  4. Just as much as the students would, the school teachers and Principals, other advisors and neighbours and friends of the school, too would benefit from this practice.
  5. The program will be facilitated by a group of sincere volunteers who have practiced mindfulness themselves, and who have the interest of students, at heart.
  6. There will be no financial commitments for this program since everyone will be working as volunteers.
  7. Eventually we hope the schools themselves will adopt this program and that the teachers themselves will become mindfulness practitioners and facilitators. Thiswould certainly ensure sustainability of ‘Sati Pasela’ as a school-based program.

It is my fervent wish that the initial set of instructions included in this booklet and the rest of instructions we will prepare in the days to come, will assist you to understand this program better.

May ‘Sati Pasela’ go from strength to strength with your help, as well as with help from all seen and unseen beings…